මීටර් 100 පිහිනුම් ඉසව්වේදී රුසියන් ක්‍රීඩිකාව කොන් කරලා



තරගය නිමා කිරීමෙන් පසු (කොන් වී පසෙකින් සිටින්නේ රුසියන් ක්‍රීඩිකා එෆ්ලිමෝවාය.

 

 

රියෝ දි ජිනැයිරෝ නුවරදීය (ඬේලිමේල්)
රියෝ දි ජිනැයිරෝ ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ මීටර් 100 කාන්තා පිහිනුම් තරගයේදී දෙවැනි ස්ථානයට පත් රුසියන් ක්‍රීඩිකා යුලියා එෆ්ලිමෝවා කොන් කිරීමට ඇය සමඟ තරග වැදුණු සෙසු ක්‍රීඩිකාවන් සහ නරඹන්නන් කටයුතු කළැයි විදෙස් පුවත් සේවා ඊයේ (10) වාර්තා කළේය.


එපමණක් නොව, එෆ්ලිමෝවා නරඹන්න්ගේ ‘හූ’ හඬට ද ලක් වූවාය. තහනම් උත්තේජන භාවිතා කළැයි 24 හැවිරිදි යුලියා එෆ්ලිමෝවා පසුගිය වසරේ මාස 16 ක තරග තහනමකට ලක් වූවාය. 


රියෝ නුවර පැවැති පිහිනුම් තරගය අවසන් කළ අවස්ථාවේදීත්, රිදී පදක්කම පිරිනමද්දීත් යුලියා එෆ්ලිමෝවා නරඹන්නන්ගේ හූ හඬට ලක් වූවාය.


මීටර් 100 පිහිනුම් තරගය ජයග්‍රහණය කළ පිහිනුම් ශූරී 19 හැවිරිදි ලිලි කිංග් අදහස් දක්වමින් කියා සිටියේ, වංචාවෙන් තරග දිනන්න බැහැ යනුවෙනි. මෙම තරයෙන් තෙවැනි තැනට පත් වූයේ ද ඇමෙරිකන් ක්‍රීඩිකාවකි. ඇය කේටී මෙලී ය. 


පදක්කම් පිරිනමද්දී පවා යුලියා එෆ්ලිමෝවා කොන් කිරීමට ඇමෙරිකන් ක්‍රීඩිකාවෝ කටයුතු කළාය. විදෙස් පුවත් සේවා මෙම සිදුවීම වාර්තා කළේ ඇමෙරිකාවත් රුසියාවත් අතර 80 දශකයේ මෙන් සීතල යුද්ධයක් නිර්මාණය වී ඇති බවය.


RECOMMEND POSTS